බංග්ලාදේශය ඉන්දියාව පරදවයි – තරඟාවලියත් දිනයි.

බංග්ලාදේශය ඉන්දියාව පරදවයි – තරඟාවලියත් දිනයි.

 

ඉතිහාසයේ පළමු වරට ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින කි‍්‍රකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාති‍්‍ර සමත් වුණා.

එ බංග්ලාදේශයේ මිර්පූර්හි පැවැති දෙවන එක්දින තරගය කඩුලූ 6කින් ජය ගනිමින්. එ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2ට බින්දුවක් ලෙස එය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ තරගය පැවැත්වුණේ කණ්ඩායමකට පන්දුවාර 47ක් පමණක් ලබාදෙමින්. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ ලකුණු 200කට සියල්ලන් දැවී ගියා.

බංග්ලාදේශ කී‍්‍රඩකයින් එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියේ පන්දුවාර 38ක් පමණක් වැය කරමින් කඩුලූ 4ක් පමණක් දැවී තිබියදීයි. සාර්ථක පිතිහරඹයක යෙදුණු බංග්ලාදේශ කී‍්‍රඩක සකීබ් අල් හසන් නොදැවී ලකුණ 51 ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 46කට කඩුලූ 6ක් දවා ගත් ඉන්දීය ඉනිම කඩාබිඳ දැමූ වේගපන්දු යවන කී‍්‍රඩක මස්ටෆිසූර් රෙහෙමාන්.

බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරුවා ලෙසද , මාරියෝ වෙල්ලවරායන් ශාරිරික අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.