FAST NEWS

24×7 Around the Globe

දෙවන එක්දින තරඟයෙන් කැන්ගරුවන්ට එරෙහිව සිංහයන්ට විශිෂ්ට ජයක්…

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පැවැති දෙවන එක්දින  තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩියම ඊයේ (24) රාත්‍රී සමත් විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5දී සියළුදෙනා දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත්විය.

පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 47.2ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු  206ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 69ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් හා කුසල් ජනිත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුහ.

ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 49දී කඩුළු 3ක් බිඳ දැමූ අතර එම කඩුළු ත්‍රිත්වය පන්දු 3කදී දවා ගැනීමට සමත්වීමද මෙම තරගයේ විශේෂත්වයකි.

එසේම ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් මැතිව් වේඩ් ලබාගත් ලකුණු 76 හැරුණුවිට සෙසු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වුහ.

පන්දුවෙන් දස්කම් පෑ අමිල අපෝන්සෝ ලකුණු 18ට කඩුළු 4ක්,  තිසර පෙරේරා ලකුණු 33ට කඩුළු 3ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ට කඩුළු 2ක් ලබා ගනු ලැබුහ.

ඒ අනූව තරඟ 5න් සමන්විත එක්දින තරඟාවලියේ මුල් තරඟ දෙක එක බැගින් ජය ගනිමින් දෙපිලම සම තත්වයක සිටියි.