FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයකට යන ලෙස කියන ප්‍රතිශතය මෙන්න….

රටේ පාලනය වඩාත් යහපත් කිරිම සදහා රජය විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතු යැයි ජනමතයකින් හෙළිව තිබේ.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.
ඊට සහභාගි වූ පුද්ලයින්ගෙන් සියයට 49 ක් ප‍්‍රකාශකර ඇත්තේ වහා මැතිවරණයකට යායුතු බවය.
වත්මන් ආණ්ඩුවේ සියලූ පක්‍ෂ එක් වී ජාතික ආණ්ඩුවක් සෑදිය යුතු බව එහිදී සියයට 26 පවසා ඇත.
මේ අතර සියයට 25ක් පෙන්වා දී තිබුණේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ යුතු බවය.