FAST NEWS

24×7 Around the Globe

මහින්ද නැවතත් ජෝතිෂ්‍ය පසු පස….

 

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට ආශිර්වාද කිරීමේ අරමුණින් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකම නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද අළුයම පැවැත්විණි.

මෙහිදි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට කිරි අම්මාවරු සෙත් පැතු අතර ඉන් අනතුරුව හිටපු ජනපතිවරයා විසින් මරණයට කැපවූ ගවයින් දෙදෙනෙකු ද නිදහස් කලේය.
මෙකි සියලු කරණා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරනු ලබන්නේ ජෝතිෂ්‍ය උපෙදෙස් මත බවත් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව හෝ ජෝතිෂ්‍ය කටයුතු වලින් ඈත් නොවීම විමතියට කරුණක් බවත් රාජපක්‍ෂ මහතාගේ සමීප ආරංචිමාර්ග අප වෙත අනාවරණය කළේය.