රනිල් හෙට 9.30ට හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවයි
සියලු සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය කෙරේ
දේශපාලන වශයෙන් වැදගත් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හදිසි රැස්වීමක් හෙට (19දා) උදේ 9.30ට කැඳවා තිබේ.
මේ රැස්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම සාමාජිකයන් අනිවාර්යයෙන්ම සහභාගි වියයුතු බවත් සහභාගි විය නොහැකි නම් ඒ බව පක්ෂ නායකයාට දැනුම් දී අවසරයක් ලබා ගත යුතු බවත් පක්ෂ මූලස්ථානයෙන් විශේෂ දැනුම් දීමක් කර ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගියදා තීන්දුවකට එළැඹ ඒ තීන්දුව ජනාධිපතිවරයාටද යොමු කොට තිබිණි. එජාපයේ තීන්දුව මාධ්‍ය නිවේදනයක් ලෙසද නිකුත් කෙළේය.
මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද එජාපය ඍජු ස්ථාවරයක නොසිටින අතර පක්ෂයේ මතය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර පවතින ඡන්ද ක්‍රමයට මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට 20 වැනි සංශෝධනය යොදාගත යුතු බවත්ය.
මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම සම්බන්ධයෙන් විරෝධය පල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ එජාප ආන්ඩුව ඉල්ලා අස්වනු ඇතැයි තහවුරු නොකල ආරංචි මාර්ග වාර්තා කරයි








