FAST NEWS

24×7 Around the Globe

පාද යාත‍්‍රාවට එද්දී ප‍්‍රසන්න රණවීරගේ වාහනයට වුන දෙයක්.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත‍්‍රාවට සහභාගීවීම සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීරට අයත් ජීප් රථය පසුගිය 30 වනදා පස්යාල නගරයේදී මෝටර් සයිකලයක් හප්පාගෙන යාම නිසා එහි සිටි යුවළක් තුවාල ලබා ඇත.
මෙම අනතුරින් පසු එම යුවළ රෝහල් ගත කිරීමට එම ජීප් රථයේ රියදුරු කටයුතු කර තිබෙන අතර රෝහල ළං වෙද්දී වාහනයේ තිබෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට අයත් ලේබලය ගලවා සඟවා ඇත.

රෝහලේදී රෝහල් පොලිසියට ප‍්‍රකාශයක් හෝ ලබා නොදී පැනගොස් ඇත.
කෙසේ වෙතත් එම අනතුර අවස්ථාවේ ලබාගත් ඡායාරූප ඔස්සේ මෙම වාහනයේ හිමිකාරත්වය පිළිබඳ ලේබල පැහැදිලිව දිස්වන බවත් මේ ආකාරයට අනතුරක් සිදු කර වගකීම නොගෙන පළායාමට උත්සාහ දැරීම ගැන පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය දන්වා ඇත.
අනතුරට පත් යුවළ නුගේගොඩ කිරුළපන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්යග ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර ඇතග ප‍්‍රසන්න රණවීරට අයත් වාහනය හුණුපිටිය ගංගාරාමයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
මින් ඉහත මහින්ද රාජපක්ෂ සහභාගීවූ කිරුළපන මැයි රැළියකට යාමේදීත් ප‍්‍රසන්න රණවීරට සිහිසුන්ව ඇදවැටීමෙන් අලකලංචියක් සිදු විය.