FAST NEWS

24×7 Around the Globe

ජැකලින් ෆර්නැන්ඩස්ට යහපාලනයෙන් තනතුරක්.

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සන්නාම තානාපතිනිය ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලීන් ෆර්නැන්ඩස් ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වනවා.

ඉකුත්දා ඉන්දියාවේ මුම්බායි නුවරදී දෙපාර්ශවය මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ජැකලින් ෆර්නැන්ඩස් ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත තැනැත්තියක්.

තම මව් රටේ ගුවන් සේවය සමග එක්ව කටයුතු කිරීමට ලැබීම මහත් භාග්‍යයක් බව ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ඇය ප‍්‍රකාශ කර තිබෙනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදී ජැකලීන් ෆර්නැන්ඩස් ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය සමග සමීපව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දිගින් දිගටම සිදුවන මූල්‍ය අලාභයන් නිසා ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ඩ් සහ ප‍්‍රංශයේ පැරිස් වෙත ගුවන් මෙහෙයුම් එළඹෙන සීත ඍතුවේ සිට නවතා දැමීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය මීට පෙර තීරණය කළා.

ඒ අනුව ෆ‍්‍රැන්ක්ෆර්ඩ් වෙත ගුවන් මෙහෙයුම් ලබන ඔක්තෝම්බර් 30 වනදා සිටද පැරිස් වෙත ගුවන් මෙහෙයුම් ලබන නොවැම්බර් 6 වනදා සිටද නවතා දමන බවයි ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ.