FAST NEWS

24×7 Around the Globe

ජන සටන පාද යාත්‍රාවේ රැස්වීම පවත්වන තැන මෙන්න.

ජන සටන පාද යාත්‍රාවේ අවසන් දිනය අද (01)යි. මෙම පාද යාත්‍රාවේ සමාප්තිය සිදුවන්නේ කොතනදැයි මේවනතෙක් නිල වශයෙන් ප්‍ර‍කාශයට පත්කොට නැත.

කෙසේ වෙතත් කොළඹට පැමිණෙන පාද යාත්‍රාව අවසානයේ පවත්වන අවසන් රැස්වීම ලිප්ටන් වට රවුමෙහි හෝ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

එමෙන්ම ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කර කොළඹ බලා ගමන් කරමින් ඇති ජනසටන පාද යාත‍්‍රාව අවසානයේ පවත්වන ජනරැළිය කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත යයි තහවුරු නොකල ආරංචි මාර්ග සඳහන් කරයි.