FAST NEWS

24×7 Around the Globe

කුසල් කබාලි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක.(වීඩියෝ)

කුසල් මෙන්ඩිස් ගැන ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරාම මේ දවස් වල කතා බහ වෙන්නේ පසුගිය දිනෙක ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලබාගත් විශිෂ්ඨ ශතකය නිසා.

ඔහුගේ පිතිකරණ රටාව ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන්ගේ පිතිකරණයට සමාන කරන්නත් ඇතැම් අය පෙළඹුණා.

ඒ තරමට ඔහු ලබාගත් ශතකය සුවිශේෂි එකක් වුණා..

මේ විදියට කුසල් ගැන හැමෝම කතා බහ වෙද්දි මේ දවස් වල ලෝ පුරා අති සාර්ථකව තිරගත වන කබාලි චිත්‍රපටයේ රජිනිකාන්ත්ගේ වීඩියෝවකට කුසල්ගේ රුව ඇතුළත් කළ වීඩියෝවක් මේ වන විටි සමාජ ජාලා වෙබ් අඩවි වල හුවමාරු වනවා.

කබාලි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක වීඩියොවක රජිනිකාන්ගේ රුවට තමයි මෙසේ කුසල්ගේ රුව සම්බන්ධ කරලා තියෙන්නේ.

කොහාම වුණත් මෙය හුදු විනෝදය සඳහා කළ වීඩියෝවක් බවයි නිර්මාණකරුවන් පවසා තිබුණේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 https://www.facebook.com/fttsrilanka/videos/1654863341496781/