FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා එක්දින සංචිතය නම් කෙරේ – මැක්ස්වෙල් ඉවතට.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ඉවත්කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.

එක්දින තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (31දා) නම් කර තිබෙන අතර මැක්ස්වෙල් 2012 වසරේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමෙන් පසුව ඔහු කණ්ඩායමෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

මැක්ස්වෙල් ක්‍රීඩා කර ඇති අවසන එක්දින තරග 10දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 10ට අඩුවෙන් පැවැතීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු සංචිතය –
ස්ටීවන් ස්මිත්,  ඩේවිඩ් වෝනර්, ජොර්ජ් බේලි, නේතන් කෙල්ටර් නයිල්, ජේම්ස් ෆෝල්ක්නර්, ආරෝන් ෆින්ච්, ජෝස් හැසෙල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, ෂෝන් මාෂ්, මිචෙල් මාෂ්, උස්මාන් කවාජා, නෙතන් ලයන්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඩ්, ඇඩම් සැම්පා.