FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු සල්මන් ගේ විවාහය නොවැම්බර් 18 දා.

සුපිරි නළු සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලුලියා වැන්ටුර් බව රහසක් නොවෙයි.

දැන් බොහෝ දෙනකු බලා සිටින්නේ සල්මන් සහ ලූලියාගේ විවාහ මංගල උත්සවය කවදා පැවැත්වේවි ද යන්නයි.

පසුගිය දා මේ ප්‍රශ්නය ජනප්‍රිය නිළි සානියා මිර්සා සල්මන්ගෙන් විමසා තිබුණා. ඇගේ ඒ ප්‍රශ්නයට උත්තර දුන් සල්මන් පැවසුවේ නොවැම්බර් 18 දා තමන්ගේ විවාහ මංගල්‍යය සිදුවන බවයි.

එහෙත් , ඒ 2016 වසරේ නොවැම්බර් 18 දා ද, නැතිනම් ඊළඟ වසරේ නොවැම්බර් 18 දා දැයි කිව නොහැකි බවත් සල්මන් පැවසුවා.

මේ දිනයට සල්මන් වඩාත් කැමැතියිලු. එයට බලපෑ සිදුවීම් දෙකක් තිබෙනවා.

එකක් තමයි, සල්මන්ගේ මව සහ පියාගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ නොවැම්බර් 18 දාක වීම. අනෙක් සිද්ධිය තමයි, සල්මන්ගේ නැඟණිය වන අර්ජිතා ඛාන්ගේ විවාහ මංගල දිනය. ඒ මංගල උත්සවය පැවැත්වුණේත් නොවැම්බර් 18 දා.

ඒ නිසා මේ දිනය වාසනාවන්ත දිනයක් හැටියටයි සල්මන්ගේ සිතට කාවැදී ඇත්තේ.