රුසියාව බැලස්ටික් මිසයිල 40 ක් අලුතින් එක් කීරිමට පියවර ගනී.

රුසියාව බැලස්ටික් මිසයිල 40 ක් අලුතින් එක් කීරිමට පියවර ගනී.

 

සිය ආරක්‍ෂක පද්ධතිය සඳහා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 40 ක් මෙම වසරේදී අලූතින් එකතු කරන බව රුසියාව පවසනවා. අදාල මිසයිලවලට ඕනෑම අධිතාක්‍ෂණික ආරක්‍ෂක පද්ධතියක් අභිබවා යා හැකි බවයි එරට ජනාධිපති ව්ලැද්මීර් පුටින් කියා සිටියේ.

නැගෙනහිර යුරෝපය තුළ සිය හමුදා වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට ද රුසියාව තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් නේටෝ සංවිධානය පවසන්නේ මෙම තීරණය ලෝක සාමයට තර්ජනයක් විය හැකි බවයි.