FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සිසුන්ට දැඩි අනතුරු හැගවීමක්.

මෙවර උසස් පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

ඊට අදාළ ලිපි මේ වන විටත් ශාලාධිපතිවරුන් වෙත යොමු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

නවීන ඔරලෝසු, ජංගම දුරකථන මෙන්ම පටිගත කිරීමේ යන්ත්‍ර ද විභාග ශාලා වෙත ගෙන ඒම තහනම් බව මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.

එවැනි වැරදි සිදුකරන අපේක්ෂකයන්ට වසර 5ක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.