තම පෙම්වතියව බලහත්කාරයෙන් දුෂණය කළ බව කියන පෙම්වතෙකු සහ එම සිද්ධිය බලා සිට පසුව ඇයව නැවත වතාවක් දුෂණය කළ බව කියන තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම – කල්අඩිය, ප්‍රදේශයේ තරුණියකි. 17 හැවිරිදි ඇය පුත්තලම පර්ගණක පුහුණු ආයතනයක් වෙත පැමිණ ආපසු යමින් සිටින විට මුලින්ම ඇයගේ පෙම්වතාට අතර මගදී හමුවී ඇත. පෙම්වතා ඇයව යතුරු පැදියක නංවාගෙන ගොස් පාළු ඉඩමකදී දුෂණය කර ඇත.
මෙම සිද්ධිය තවත් තරුණයින් දෙදෙනකු සැඟවී බලා සිට ඇත. ඔවුන් එම සිද්ධිය ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝ ගත කර ඇත. පසුව එම තරුණයින් දෙදෙනා පෙම්වතා සහ තරුණියට ඔවුන් විසින් රූගත කළ වීඩියෝ දර්ශන පෙන්වා මෙම දර්ශන අන්තර් ජාලයට මුදා හරින බව පවසා ඇත. ඒ අතර තුර පෙම්වතා පලා ගොස් ඇත. එම අවසරයෙන් තරුණියව බලහත්කාරයෙන් දුෂණය කර ඇති බව පොලීසිය කියයි.
දුෂණයට ලක්වූ තරුණිය අසාධ්‍ය තත්ත්වපයන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.








