FAST NEWS

24×7 Around the Globe

කුසල්ට වාර්තාගත වීමේ අවස්ථාවක් අද.

ඕස්ටේ‍්‍රලියාව සමග පල්ලෙකැලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (28දා) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ශී‍්‍ර ලංකාව කඩුලූ 6 කට ලකුණු 282 ක් රැස්කර ගෙන සිටියේය.

එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණි.

අද දිනයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 192ක සීමාව පසුකර ගියහොත් තවත් වාර්තාවකට හිමිකම් කීමට හැකි වේ.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසය.

මේ වන විට කුමාර සංගක්කාර ලකුණු 192ක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගනිමින් මුල් තැන පසුවේ.