FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති එජාප ශාඛා සමිතියක සභාපතිවරයෙක්-ජොන්ස්ටන්

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ස්වාධීන පුද්ගලයෙකු නොව එජාප ශාඛා සමිතියක සභාපතිවරයෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනසටන පාද යාත‍්‍රාව අතරතුර මාධ්‍ය අමතමිනි.

‘අද අරඹපු පාද යාත්‍රාව ඉතාම සාර්ථකව වෙනවා කියා අපට විශ්වාසයි. අපි ආණ්ඩුවට ස්තුති වෙනවා බයවුණු බයවිල්ලට. අද ඉන්නේ ස්වාධින පොලිස්පතිවරයෙක් නෙවෙයි. ඔහු සම්පුර්ණයෙන්ම යූඑන්පී ශාඛා සමිති සභාපතිවරයෙක්  ඔහු පැවසිය.