අඳුරු ආලෝකය හේතුවෙන් තෙවන දිනයට තරගය අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 282ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 169ක් හා ඩිල්රුවන් පෙරේරා ලකුණු 05ක් රැස්කරගෙන සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු පළමවු ඉනිමට වඩා ලකුණු 196ක් පසු පසින් සිටියි.
හෙට තරගයේ දෙවන දිනයයි.
++++++++++++++++++++++++++++++++++(UPDATE)
තේ පානයට – කුසල් ශතකයක් ලබා නොදැවී හුදකලා සටනේ… (UPDATE)
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවන දිනය අදයි (28).
තෙවන දිනයේ තේ පානය සඳහා තරගය අතහිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් අතැතිව ලකුණු 253 රැස්කර ගනීමින් ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු167ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එකම සාර්ථක පිතිකරුවා ලෙස සිය කුළුදුල් ටෙස්ට් ශතකය වාර්තා කළ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පන්දු 211 කට නෙදැවී ලකුණු 157 ක් රැස් කරගෙන සිටියි.
ලකුණු පුවරුව පහතින්….
++++++++++++++++++++++++++++++++++(UPDATE)
දිවා අහාරයට – කුසල් ශ්‍රී ලංකා බර කරට ගනීමීන් හුදකලා සටනක…
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවන දිනය අදයි (28).
තෙවන දිනයේ දිවා අහාරය සඳහා තරගය අතහිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් අතැතිව ලකුණු 116 රැස්කර ගනීමින් ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 30ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එකම සාර්ථක පිතිකරුවා ලෙස යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පන්දු 130 කට ලකුණු 86 ක් රැස් කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 117 කට සීමා වු අතර ඔස්ට්‍රෙලියා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 203 ක් රැස් කර ගැනිමට සමත් විය..
ලකුණු පුවරුව පහතින්….









