FAST NEWS

24×7 Around the Globe

ඇමති හරින්ගෙනුත් මුරලි පිළිබද අදහසක්.

මුත්තයියා මුරලිදරන් ඕස්ට‍්‍රේලියානු ක‍්‍රීඩකයින් පුහුණු කිරීමේ කටයුතු වල නිරතවීම ගැන මහත් ආන්දෝලනයක් මේ දිනවල ඇතිවී තිබෙනව.

තමන් ක‍්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට‍්‍රෙිලියා පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මැතිතුමාද පවසා තිබේ.

මේ පිලිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියේ ඕස්ට‍්‍රෙිලියාව ගත් මෙම තිරනය සහ ඔහුගේ වටිනාකම තේරුම් ගැනීම පිළිබදව අප සතුටු විය යුතු බවයි. තමන් පෞද්ගලිකව මේ පිළිබදව මුත්තයියා මුරලිදරන්ගේ මෙම ක‍්‍රියාව පිළිබදව කිසිදු වරදක් නොදිකින බවද හෙතෙම වැඩිදුරටත් පවාසා සිටියා.