අද දිනයේ මහනුවරින් ආරම්භ වී දින පහක් තිස්සේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු පළමුවැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනරැළියට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය කියයි.
ඒකාබද්ද විපක්‍ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇති බව ඔවුන් කියා සිටී.
ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට තුච්ච කටයුතු කරමින් තිබීම යයිද ඔවුන් පෙන්වා දෙයි.
පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටියේ තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.











