FAST NEWS

24×7 Around the Globe

මුරලි ගැන හිටපු නායක මාවන් මොකද කිව්වේ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු සහ ඔහුගේ ක්‍රීඩා සගයෙකු වශයෙන් ආඩම්බරයට පත් වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාවන් අතපත්තු පවසනවා.

‘මේක අපි ශ්‍රී ලංකාවාසී සැමටත් ක්‍රිකට් ලෝලීන් සැමටත් විශේෂ දවසක්’ යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවක් පසුව හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ තමා සතුටට පත් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු එහිදී සඳහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තවත් සිටින බවයි ඔහු පවසන්නේ.

මේ අතර සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී මාවන් අතපත්තු කියා ඇත්තේ මුත්තයියා මුරලිදරන් වෘත්තීය මට්ටමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නේ නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පුහුණු කටයුතු කිරීමේ වරදක් තමන් නොදකින බවයි.