FAST NEWS

24×7 Around the Globe

දකුණු අධිවෙීගී මාර්ගය වෙනුවෙන් රිලාගල යාය ගල් කොරියකට.

හම්බන්තොට බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇති රක්ෂිත වනාන්තරයක් ලෙස නමි කර ඇති මහයාය වනාන්තරය හෙක්ටයාර 339 සමන්විත අතර No: FR 8634 ගැසටි පත‍්‍රය මගින් මහයාය රක්ෂිතය ලෙසද නම් කර ඇත.

මහයාය රක්ෂිතයේ පේරණ කලාපයට අයත් රිලාගලයාය කඳු පන්තිය මේ වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා සියල්ල සකස් කර හමාරය.ඒ අන් කිසිවකට නොව දකුණු අධිවෙීගී මාර්ගයට ගල් ලබා ගැනීම වෙනුවෙනි.

වරකට ටොන් 10කට තරම් විශාල ගල් ඇඹරිය හැකි ගල් ක්‍රෂර් සවි කොට රිලාගල කන්ද පහත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේවන විට සකස් කර ඇති බවයි ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ.

තවත් එක් මීරයබැද්දක් නිර්මාණය නොකර ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසටයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Displaying mxcp13608246_625684480920787_411371551_n.jpgDisplaying mxcp13608246_625684480920787_411371551_n.jpgindex

Displaying mxcp13479796_618495538306348_890296446_n.jpg2