FAST NEWS

24×7 Around the Globe

මුරලිදරන් ඉහළම ක්‍රිකට් සම්මානයට නිර්දේශ වෙයි…

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය වන හෝල් ඔෆ් ෆේම් සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ලබා දීමට නිර්දේශ කර තිබේ.

මුත්තයියා මුරලිදරන්, හෝල් ඔෆ් ෆේම් ගෞරවය සඳහා නිර්දේශ වූ පළමු වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා යි.

මුත්තයියා මුරලිදරන් සහ තව ත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු මෙම හෝල් ඔෆ් ෆේම් ගෞරවයෙන් පිදුම් ලැබීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ