FAST NEWS

24×7 Around the Globe

ඔබාමා බිරිය හා දියණියෝ ලන්ඩනයේ.

 

ඇමරිකා ජනපති බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනා වන මාලියා හා ශාෂා පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බිරිය ලන්ඩන් නුවර ඩවුනින් ස්ට්‍රීට් හිදී හමුවූහ.

ඔවුන් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමග තේ පැන් සංග්‍රහයක්ද භුක්ති වින්දේය. ඔබාමාගේ දියණියන් දෙදෙනා ලන්ඩන් වීදිවල සැරිසරන දසුන් විදෙස් මාධ්‍යයට හසුවී තිබුණි.

මිචෙල් ඔබාමා ලොව පුරා සිටින බාලිකාවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව සිටියාය.