ඒකාබද්ධ විපක්ෂය මහනුවර සිට කොළඹට යාමට සුදානම්කර ඇති ආණ්ඩු විරෝධි පාගමනේදි ජාතිවාදය ඉස්මතු කලහොත් ඊට විරුද්ධව වතුකරයේ ලක්ෂ 15ක ජනතාව සමග පාරට බසින බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වැවිලි කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් වඩිවේල් සුරේෂ් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) බදුල්ල හෙරිටේජ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය,
“අපි මේ ජාතිවාදින්ට කියන්නේ මේ ජාතික ආණ්ඩුව මොන ප්‍රශ්ණයක් තිබුනත් දෙමළ, සිංහල, මුස්ලිම් සියළුම ජාතීන් එකට අත්වැල් බැදගෙන ජනාධිපතිතුමත් එක්ක අගමැතිතුමත් එක්ක සාකච්ඡාකරලා පවත්වාගෙන යනවා.
මේ ආණ්ඩුව අගමැතිතුමා කරන වැඩපිලිවෙල ඒ වගේම පිට රටවල් එක්ක සාකච්ඡා කරගෙන යන ආකාරය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම දන්නවා ඒ සියළුදේම තව මාස දෙක තුනකින් මේ රටේ ජනතාව භුක්ති විදින බව මං දන්නවා. නමුත් පාද යාත්‍රා යනවා මෙහේ යනවා එහේ යනවා කියා ආණ්ඩුව වට්ටන්න බැහැ. ඒක වට්ටන්න දෙන්නේ නැහැ. වතුකරයේ කට්ටිය ඔක්කොම අරන් පාරට බහිනවා.