FAST NEWS

24×7 Around the Globe

යාහු අන්තර්ජාල සමාගම විකිණීමට යයි.

යාහු අන්තර්ජාල සමාගම ඇමෙරිකාවේ වෙරිසෝන් ආයතනයට විකිණීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තාකරනවා.

ඇමෙරිකාවේ සන්නිවේදන යෝධයා ලෙස හදුන්වන වෙරිසෝන් ආයතනය ඩොලර් බිලියන පහක් ඒ සදහා වියදම් කර තිබේ.

යාහු සේවාව එම ආයතනය විසින් ගිය වසරේදී මිලදී ගත් ඒ.ඕ.එල් අන්තර්ජාල සේවාව සමග එක්ව ගෙන යාමට සැලසුම් කර තිබේ. එම ගනුදෙනුවේ වටිනාකම 2008 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය විසින් යාහු සේවාව සදහා යෝජනා කළ මුදලටත් වඩා අඩු මුදලක් වීම විශේෂත්වයකි.