ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ සවස් කාලය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට අද (27) සිදු විය.
වර්ෂාව හේතුවෙන් තරඟය නතරකරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6කි.
එ අනුව ශ්‍රී ලංකාව කඩුළු 09 ක් අතැතිව ඔස්ට්‍රෙලියාවට වඩා තවත් ලකුණූ 80 පසුපසින් සිටියි.
++++++++++++++++++++++++++++++++++++++++++++(update)
සඳකැන් හා හේරත්ගෙ සුපිරි පන්දු යැව්ම් හමුවේ ඔස්ට්‍රෙලියා පළමු ඉනිම නිමා වේ….
සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රෙලියා කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැව් ලකුණූ 203ක් ලබා ගැනීමට සමත් විය.
එ අනුව ඔස්ට්‍රෙලියා කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 86 ක් ඉදිරියෙන් සිටියි.
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැමවිමක නිරත වු රංගන හේරත් සහ ළහිරු සඳකැන් කඩුළු 04 බැගින් දවා ගැනීමට සමත් විය.
ලකුණූ පුවරුව පහතින්…..
+++++++++++++++++++++++++++++++++++++++++++Update 2.25 pm
දිවා අහාරයට – හේරත්ගේ දඟ කැවිම් ඉදිරියේ ඔස්ට්‍රෙලියා පිතිකරුවොත් අසරණ වෙයි…










