FAST NEWS

24×7 Around the Globe

මුරලි ගැන නාමල්ගෙනුත් අදහසක්.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස දින 10ක කාලයක් කටයුතු කිරීම පිළිබඳව ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විවේචනය කිරීම බොහෝ දෙනෙකුගේ නොසතුටට පත්ව තිබේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ මුරලි සෑමදාම ජාතික වීරයෙක් ලෙස සිටින බවත් ඔහු ශ්‍රී ලංකාවට දක්වන ආදරය හා පක්ෂපාතීත්වය පිළිබඳව කිසිඳු ගැටලුවක් නැති බවයි.