FAST NEWS

24×7 Around the Globe

ජන සටන පාද යාත්‍රාවට සියල්ල සුදානම්.

ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත්‍රාව නතර කිරීමට ආණ්‌ඩුව සෘජුව හෝ වක්‍රව කුමන ක්‍රියාමාර්ගයක්‌ ගනු ලැබුවත් සැලසුම් කළ ආකාරයට විශාල ජන සහභාගිත්වයකින් පාද යාත්‍රාව ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ ඊයේ (26 දා) පැවසූහ.

ජන සටන පාද යාත්‍රාව හෙට (28 දා) පෙරවරු 9.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරින් ආරම්භ කෙරෙන බවත් මහනුවර දළදා මාලිගාව අබියසින් ඇරඹෙන පාද යාත්‍රාව එදින මාවනැල්ල නගරය දක්‌වා ගමන් කර දෙවන දිනයේදී (29 දා) මාවනැල්ල නගරයේ සිට නෙළුම්දෙණිය දක්‌වාත් තෙවන දිනයේදී නෙළුම්දෙණියේ සිට නිට්‌ටඹුව දක්‌වාත්, සිව්වන දිනයේදී නිට්‌ටඹුවේ සිට කිරිබත්ගොඩ නගරය දක්‌වාත් පස්‌වන දිනය වන අගෝස්‌තු 1 වැනිදා කිරිබත්ගොඩ සිට කොළඹ නගරය දක්‌වා පැමිණ කොළඹදී දැවැන්ත රැලියක්‌ පවත්වන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.