FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට මහනුවරදී කුරුදු පොලු ප්‍රහාරයක්?

අනිද්දා දිනයේ එක්සත් ජාතික පක්‍ෂය විසින් මහනුවරදී සාමාජිකත්ව ප‍්‍රවර්ධන වැඩසටහනක් සූදානම් කර තිබේ.

එම පක්‍ෂ උප සභාපති ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මේ බව මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය විසින් පවත්වන විරෝධතා පාද යාත‍්‍රාවද ඇරඹෙන්නේ එදිනම මහනුවරදීමය.

මාතර නගරයේදී පාගමනට කුරුදු පොලු ප්‍රහාරයක් එල්ල කිරීමේ ඉතිහාසයක් ඇති එජාපය සමග යම් ගැටුමක් මහනුවර නගරය තුලදී  නිර්මාණය විය හැකි බවයි ඒකාබද්ද විපක්‍ෂයේ අදහස වී තිබෙන්නේ.