FAST NEWS

24×7 Around the Globe

චමල් හා නාමල්ට ඊයේ ශ්‍රීලනිප රැස්වීමට ආරාධනා නොකිරීම ගැන ඩලස්ගෙන් ප්‍රකාශයක්.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (25දා) රාත්‍රියේදී පැවැත්වූ සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට දොස් පැවරූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වසර පහක් දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරන බවට මහලේකම්වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණද එය පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් විමසා ගත් තීරණයක් නොවන බැවින් ඒ පිළිබඳවද ජනාධිපතිවරයාගෙන් විමසූ විට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බවද ඔහු කීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේදී අද (26දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.