FAST NEWS

24×7 Around the Globe

දීපිකාගෙන් රන්බීර් සිංට ප්‍රසිද්ධියේ හාදුවක්.

වර්තමානය වන විට බොලිවුඩයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ බවට පත්ව සිටින රන්බීර් සිං හා දීපිකා පදුකෝන් දෙදෙනා පිළිබඳව සුබ ආරංචිය නුදුරේම අසන්නට ලැබෙනු ඇතැයි “බොලිවුඩ් ලයිෆ්” වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන මෙම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ දීපිකා පදුකෝන් පසුගියදා නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට මොහොතකට පෙර මුම්බායි ගුවන් තොටුපොළේදී, රන්බීර්ට ප්‍රසිද්ධියේ හාදුවක් ලබාදීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහය හෝ විවාහ ගිවිස ගැනීම ඉතා ඉක්මනින් සිදුවිය හැකි බවට බලාපොරොත්තුවක් ලබාදී ඇති බවයි.

පසුගිය කාලයේදී මොවුන් දෙදෙනා පිළිබඳව විවිධ කට කතා පැතිර ගිය අතර, සමහරක් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳවැටී ඇති බවය. එහෙත්, සමහරක් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ රන්වීර් හා දීපිකා දෙදෙනා දැනටමත් හොර රහසේ විවාහ ගිවිස ගෙන ඇති බවය.