FAST NEWS

24×7 Around the Globe

අලුත් අධිවේගී මාර්ග 2ක් ගැන රනිල් ඉගි කරයි.

කෑගල්ලට , දඹුල්ලට හා පොලොන්නරුවට අධිවේගී මාර්ග ඉදිකරන බවත්, මත්තල ගුවන් තොටුපොළට වසරකට මගීන් මිලියනයක් ගෙන ඒමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වත්තල පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම මහනුවර, කොළඹ හා හම්බන්තොට යාකරමින් විශාල සංවර්ධන කලාපයක් ඉදිකරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

“මහනුවර සිට කොළඹ, හම්බන්තොට ප්‍රදේශ දක්වා විශාල සංවර්ධන කලාපයක් හදනවා. මුළු බස්නාහිර පළාතම මහා නගරයක් ලෙස දියුණුවට පත් කරනවා. මිනිසුන් මාළු ඇල්ලූ හම්බන්තොට පොකුණ මා චීන ආධාර ඇතිව වරායක් බවට පත් කරනවා. එහි තෙල් පිරිපහදු දෙකක් හෝ තුනක් ඉදි කිරීමට නියමිතයි. නැව් තටාංකාංගනයක්, විදුලි බලාගාරයක්, ඉදි කෙරෙනවා.

එමෙන්ම මත්තල ගුවන් තොටුපොළට වසරකට මගීන් ලක්‍ෂ දහයක් ගෙනෙන සැලසුම් අප සකසා තිබෙනවා. දැන් මත්තල ගුවන් තොටුපලේ ඉන්නේ මොනරු විතරයි. මොනරු වෙනුවට අප මගින් ලක්‍ෂ දහයක් ගෙනෙනවා.

අප අධිවේගී මාර්ග මහනුවරට පමණක් නොව කෑගල්ලට සහ දඹුල්ලට ඉදි කරනවා. දඹුල්ලේ සිට පොළොන්නරුවට ඉදි කෙරෙනවා. ත්‍රීකුණාමලයේ සංචාරක කර්මාන්තය මෙන්ම දියුණු කිරීම සඳහා සිංගප්පූරුව භාරගෙන තිබෙනවා. “ යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසී