නේපාලයේ සිදුවූ ප්‍රබල භූ චලනය හේතුවෙන් එවරස්ට් කන්ද මදක් නිරිත දෙසට තල්ලු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චීනයේ ජාතික භූ තාක්ෂණික සහ මිනුම් පරිපාලන ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, භූ චලනයෙන් පසුව එවරස්ට් කන්ද අඟල් 1.2කින් නිරිත දිශාවට තල්ලු වී ඇති බව ය.
එම භූ චලනය ඇති වීමට පෙර වසර 10ක් තුළ එවරස්ට් කඳුවැටිය සෙන්ටිමීටර 40ක් ඊසාන දිශාවට තල්ලු වී තිබූ බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
නේපාලයට බලපෑ ප්‍රබල භූ චලනය හේතුවෙන් එවරස්ට් කඳු මුදුනේ සිරවී සිටි කඳු නගින්නන් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත් භූ චලන අවදානම හේතුවෙන් මේ වනවිට කඳු නගින්නන්ට එවරස්ට් කන්ද තරණය කිරීම තහනම් කර තිබේ.








