රජය මගින් පාලන මිලක් නියම කොට ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට විකුණන වෙළෙඳසල් හා වෙළෙඳුන් ඇල්ලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වනවිට දිවයින පුරා හදිසි වැටලීම ආරම්භ කොට ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
තම අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත්කොට ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක උපරිම සිල්ලර මිල පමණක් බවත්, පාලන මිලට වැඩියෙන් ඒවා විකුණන වෙළෙඳසල් හා ස්ථාන වටලා එම වෙළෙඳුන්ට හා ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.
නියම කර ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිලක් වන අතර තරගකාරිත්වය යටතේ එයට වඩා අඩු මිලකට භාණ්ඩ අලෙවි කළ හැකි බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවැසීය.
මේ අතර පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳුන් හා ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් 200ක් යොදවා ඇතැයි එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඒ. කේ. ඩී. ඩී. ඩී. අරන්දර මහතා පවසයි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කොට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් යොදවා තිබේ.
භාණ්ඩ වැඩි මිලට අලෙවිකරන ස්ථාන පිළිබඳව පැමිණිලි ලැබුණු වහාම ඔවුන් එම ස්ථාන වැටලීමට කටයුතු කරන බවද අරන්දර මහතා කීය.
මෙයට අමතරව අධිකාරියේ ප්‍රධාන කාර්යාලය මගින්ද වැටලීම් සිදුකරනු ලැබේ.
පාලන මිලට වැඩියෙන් භාණ්ඩ විකුණන වෙළෙඳසල් හෝ පුද්ගලයින් පිළිබඳව අංක 1977 දරන දුරකථන අංකයට ඕනෑම දුරකථනයකින් දැනුම් දී පැමිණිලි කිරීමට හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
වැටලීම්වලට යන නිලධාරින් ගමන් ගන්නා වාහනවල ජී.පී.එස්. (GPS) තාක්ෂණික උපකරණ සවිකොට ඇති බැවින් ඔවුන්ගේ කටයුතු ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති බවද අරන්දර මහතා පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.