FAST NEWS

24×7 Around the Globe

ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය ආයුර්වේද මධ්‍යස්ථානයක් වටලයි.

ආයුර්වේද මධ්‍යස්ථානයක් බව හඟවා ගල්කිස්ස ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම ගණිකා නිවාසයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාව සහ ගණිකා සේවය සැපයූ තවත් කාන්තාවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව යි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවන් වයස අවුරුදු 27-55 යන වයස් සීමාවන්හි පසුවන්නියන්වන අතර ඔවුන් පයාගල, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, මාලඹේ, දඹුල්ල යන ප්‍රදේශවල සිට ගණිකා වෘත්තිය සඳහා පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා.