FAST NEWS

24×7 Around the Globe

පාද යාත‍්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් 2ක් ඇතුලට?

ඉදිරි දින කිහිපය තුලදී බැසිල් රාජපක්ෂ මහතා හා විමල් විරවංශ යන හිටපු ඇමතිවරුන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

දිවිනැගුම ව්‍යාපෘතියේ සිදුවූවා යයි කියන අයතා ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා ගණනාවක් එල්ලවී ඇති අතර, ඒ අනුව සිදුකෙරෙන විමර්ශනයක් සඳහා ඔහුට හෙට පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.

එසේම චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාට ද ලබන 26දා පොලිසියට වාර්තා කරන ලෙස දැනුම්දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ආණ්ඩුවට එරෙහි පාද යාත‍්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.