FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගෙන් නොහිතන වැඩක්.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය කුළුඳුල් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇත. චිත‍්‍රපටයේ නම ‘ජගුවාරා’ වන අතර මෙහි සියලූ රූගත කිරීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සිදු කිරීමට නියමිතව ඇත.

ජගුවාරා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය දිනේෂ් ප‍්‍රියසාද් මහතා විසින් කරනු ලබන අතර එහි නිෂ්පාදක වශයෙන් කටයුතු කරන්නේ මර්වින් සිල්වා මහතාය.

චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව වී ඇත්තේ ‘යුක්තිය, සාධාරණය ඉල්ලා සටන් වදින මෙල්ල කළ නොහැකි දරදඬු චරිතයක්’ යන්නය.

ජගුවාරා චිත‍්‍රපටයේ නළු නිළියන් රැසක් චරිත නිරූපණය සඳහා තෝරාගෙන ඇති අතර එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ චරිතය හෙවත් ජගුවාරාගේ චරිතයට පණ පොවන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතාය.