FAST NEWS

24×7 Around the Globe

රනිල් – මංගල හා හිටපු අගවිනිසුරු ශිරාණි හමුවක්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී අග්‍රවිනිශ්චයකාර තනතුරින් ඉවත් කළ නැවත යහපාලන රජය විසින් පත් කළ හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ලබන 18 – 19 වැනි දෙදින සිංගප්පූරුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස්පෝරා සමුළුවට සහභාගි වීමට මෙරටින් ආරාධනා ලැබ ඇත්තේ මේ තිදෙනාට පමණි.

තෙවැනි සැසිවාරයේ ආරම්භක ප්‍රධාන දේශනය පැවැත්වීමට අවස්ථාව ලැබී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර එහිදී මේ තිදෙනාගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවද ආරංචි මාර්ග පවසයි.

දිගු නිහැඩියාවක සිටින ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මංගල සමරවීර යන මහත්වරුන් ප්‍රථම වරට එතෙරදී හමුවීම කෙරෙහි බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබේ.