FAST NEWS

24×7 Around the Globe

මිස්බා උල් හක් ශතකයෙන් පසු ඩිෆ්ස් ගැසූ හේතුව මෙන්න

ලෝඩ්ස් පිටියේ තමා ක්‍රීඩා කළ පළමු තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට සමත්වූ මිස්බා උල් හක් එම ශතකයෙන් අනතුරුව ඩිෆ්ස් (push-ups) 10ක් ගැසුවේය. ඔහුගේ 10 වැනි ටෙසට් ශතකය සැමරීම මෙහි අරමුණ වුවත් එය ඔහු සිදුකර තිබෙන්නේ පාකිස්තාන හමුදාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීම වෙනුවෙනි.

පාකිස්තාන කණ්ඩායම එංගලන්තයට පැමිණිමට පෙරතුව පාකිස්තාන යුද හමුදාව හා එක්ව පුහුණු සැසියක් පවත්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමා කෙදිනක හෝ ශතකයක් වාර්තා කළ විට push-ups 10ක් ගසන බවයි. ඒ අනුව ලෝඩ්ස් පිටියේ ශතකයෙන් පසු මිස්බා push-ups 10ක් ගසමින් හමුදාවට දුන් පොරොන්දුව ඉටු කළේය. මෙම ශතකය මිස්බාගේ 10 වැනි ටෙසට් ශතකය වෙයි.