FAST NEWS

24×7 Around the Globe

මුරලිගේ උපදේශකත්වය ලබා ගත් නෙදන් ලයන්ගේ වැඩ මෙන්න.

පළමු ටෙස්‌ට්‌ තරගය ආරම්භ වීමට දින 16 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු කණ්‌ඩායම නව සැලැස්‌මක්‌ යටතේ සිය පුහුණුවීම ආරම්භ කර තිබෙනවා.

යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්‌ඩායමට ගෙන්වා ගනිමින් ඔවුන්ගේ පුහුණුවීම් ටෙස්‌ට්‌ තරගයක්‌ ආකාරයෙන් පැවැත්වීමට ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලීමන් ඇතුළු කළමණාකාරීත්වය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මුත්තයියා මුරලිදරන්ගේ උපදේශකත්වය ලබා ගනිමින් සිටින ඔවුන්ගේ කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක නෙදන් ලයන්ට ඊයේ දිවා ආහාරය වන තෙක්‌ පන්දුවාර 10 ක්‌ පමණ යැව්වද එක්‌ කඩුල්ලක්‌ හෝ දවා ගැනීමට නොහැකි වී තිබෙනවා.