FAST NEWS

24×7 Around the Globe

රිකී පොන්ටින්ග් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ හා සීමිත T/20 ක්‍රිකට් පිති වල වෙනසක් ඉල්ලයි.

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගවල පන්දුවට පහර දීම සඳහා යොදාගනු ලබන ක්‍රිකට්‌ පිති නිෂ්පාදනය කිරීමේදී පිත්තේ ප්‍රමාණය මෙන්ම එහි අන්තර්ගතවිය යුතු බර ප්‍රමාණය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බව හිටපු ඔස්‌ට්‍රේලියානු නායක සුපිරි පිතිකරු රිකී පොන්ටින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙහිදී පොන්ටින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ නිසි ප්‍රමිතියකට පිත්ත නිර්මාණය කිරීමේදී පිත්තත් පන්දුවත් අතර මීට වඩා සමානාත්මතාවක්‌ ඇතිවනු ඇති බවයි.

ජගත් ක්‍රිකට්‌ නීති සංග්‍රහයට අනුව ක්‍රිකට්‌ පිත්තේ දිග සහ පළලට පමණක්‌ නීති පනවා තිබෙන නමුත් එහි නැවුම් ස්‌වභාවය සහ ඝනත්වයට කිසිදු නිර්නායකයක්‌ නොමැත. වත්මන් වෘත්තීය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විසින් ඔවුන්ගේ රුචිකත්වය පරිදි පිති නිර්මාණය කිරීමේදී එම නැවුම්ශීලී ස්‌වභාවය සහ පිත්තේ ඝනත්වය පිළිබඳව එතරම් සැලකීමක්‌ සිදු නොකිරීම නිසා සෙසු පිති සමග සංසන්දනය කිරීමේදී වඩා වැඩි අගයක්‌ ගනු ලබන අතර එයට ප්‍රතිචාර දක්‌වමින් පොන්ටින් සිය අදහස්‌ පළ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා ඇති හිටපු ඔස්‌ට්‍රේලියානු නායකයා, කෙටි කාලීන තරග අංශ වන විස්‌සයි/20 සහ එක්‌දින තරගවලට පිත්තේ ස්‌වභාවය එතරම් බලනොපෑවද ටෙස්‌ට්‌ තරගවලදී එසේ විවිධ තලයේ පිති භාවිතය තහනම් කළ යුතු බව සඳහන් කර තිබේ.