FAST NEWS

24×7 Around the Globe

දුප්පතුන්ට ණය දෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාවට නැංවේ.

දුප්පත් ජනතාවගෙන් වැඩි කොටසකට, ප්‍ර‍ධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබා දෙන ක්ෂුද්‍ර‍ මූල්‍ය ණය ව්‍යාපාරය රජය මඟින් ක්‍රියාවන්ට නංවා ඇත.

ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා  වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා  කර ඇති නියෝගයට අනුව පසුගිය ජුලි 11 දා මෙයට අදාළ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැසට් පත්‍රයෙ ප්‍ර‍කාශයට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

දුප්පත් ජනතාවගෙන් වැඩි කොටසකට, ප්‍ර‍ධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබා දෙන ක්ෂුද්‍ර‍ මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී යම් පාලන තන්ත්‍ර‍යකට යටත් වන්නේ පළමු වෙනි වතාවටය.

මෙය ඓතිහාසික අවස්ථාවක් වන අතර නෛතික රාමුවක් නොතිබූ නිසා ක්ෂුද්‍ර‍ ණය මුවාවෙන් සක්විති, දඬුවම් මුදලාලි වැනි කූට ව්‍යාපාරිකයන් බිහි වීම තුළින් අසරණ ජනතාව මුලාවට පත් වූ බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මින් පසු එවැනි අක්‍ර‍මිකතාවලට ඉඩක් නොතබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.