FAST NEWS

24×7 Around the Globe

නාමල්ට බන්ධනාගාරයෙන් මෙට්ටයක්.

මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිදාගැනීමට රැඳවියන්ට සුපුරුදු පැදුර වෙනුවට මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

තමන්ට නිදාගැනීම සඳහා මෙට්ටයක් ලබා දෙන්නැයි නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සලකා බලා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් දෙන ලද නිර්දේශය මත මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.

නාමල් රාජපක්ෂ මහතා ‍යෝග ව්‍යායාම කරමින් අනික් රැඳවියන්ට ද උගන්වමින් සුවසේ මැගසින් බන්ධනාගාරයේ වෙසෙන බවට පළවූ පුවත් පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් පැවසූයේ එය මුළුමනින්ම අසත්‍යයක් බවයි.

නාමල් රාජපක්ෂ මහතාට මේ වන විට අවසර ලබා දී ඇත්තේ නිවසින් රැගෙන එන ආහාර ලබාගැනීමටත් ඔහුට බන්ධනාගාරයෙන් ලබාදෙන පැදුර වෙනුවට මෙට්ටයක් භාවිත කිරීම පමණක් යැයි ද උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

මැගසින් බන්ධනාගාරයේ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් රඳවා ඇති බැවින් නාමල් රාජපක්ෂ මහතා වෙනු‍ෙවන් ජේලර්වරයෙකු ද යොදවා විශේෂ ආරක්ෂාවක් එම බන්ධනාගාරය තුළ ලබා දී ඇත.