පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ‘ඔබට සතුටුයිද දැන්’ යනුවෙන් ආණ්ඩුවෙන් විමසන බැවින් ඊට පිළිතුරු ලෙස දිය හැක්කේ ‘ඔව් අපිට සතුටක් තිබෙනවා නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම ගැන’ යැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ හෝ ආණ්ඩුවේ ඉලක්කයක් මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගත් බව ද නි.අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති අවස්ථවේ නි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් පසුගිය වසරේ දී එෆ්.සී.අයි.ඩී.යට කරන ලද පැමිණිල්ලක් මාස 6කට වැඩි කාලයක් විභාග කිරීමෙන් පසුව බවත් හෙතෙම කීවේය.
ක්‍රිෂ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගමෙන් වෙනත් අයකුගේ පෞද්ගලික ගිණුමකට රුපියල් මිලියන 70ක මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක් පරිදි බැරකොට එම මුදල් මන්ත්‍රීවරයා විසින් ලබාගෙන සුපර්සෙවන් රග්බි තරගාවලිය සඳහා යෙදවූ බවට එෆ්.සී.අයි.ඩී.ය හමුවේ ප්‍රකාශ කර ඇතැයි ද නි.අමාත්‍යවරයා කියා සිටියේය.
සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, වංචාව යන චෝදනා යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් මෙය ඇමැතිවරයකුගේ වුවමනාවට සිදු වූ අත්අඩංගුවට ගැනීමක් බවට පළවන ප්‍රකාශ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.