කොදෙව් දේශයේ මේ දවස් වල පැවැත්වෙන කැරේබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ ඊයේ (13) පැවැත් වුනේ බාර්බර්ඩෝස් කණ්ඩායම සහ පැට්‍රියෝට්ස් කණ්ඩායම අතරයි.
මේ තරගයේ ඊයේ (13) විශේෂ සිදුවීමක් වුණා.
ඒ තමයි බාර්බඩෝස් කණ්ඩායම නියෝජනය කරන ඒ.බී. ඩිවිලියර්ස් වේගයෙන් එල්ල කරපු පහරක් උඩ පන්දුවක් ලෙස ඇල්ලීමට පැට්‍රියෝට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් දිවගෙන ගොස් එකනෙකා මුහුණ ගැටී ඇදවැටීම.
මේ සිදුවීමෙන් එම ක්‍රීඩකයින් දෙදෙනාම තුවාල ලබා පිටියේ සිටින අවස්ථාවේ ගිලන් රථ දෙකක් එම ස්ථානයට පැමිණ ඔවුුන් වහාම රෝහල් කරා රැගෙන ගොස් තියෙනවා.
මෙම සිදුවීම කැමරාවේ සටහන් වුනු හැටි පහතින් බලන්න…
කෙසේ වෙතත් මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බාබර්ඩෝස් ට්‍රිනිඩෑඩ් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 180ක් රැස්කර ගත්තා.
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වු ඩිවිලියර්ස් පන්දු 54කදි ලකුණු 82ක් රැස්කර ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගයි.
අනතුරුව පිටියට පැමිණි පැට්‍රියෝට්ස් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 151ක් පමණයි.
[youtube url=”https://www.youtube.com/watch?v=ygLXpi4g-ok” width=”560″ height=”315″]









