බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස වසර හයක් සේවය කිරීමට ලැබීම තම ජීවිතයේ ලැබූ උසස්ම ගෞරවය බව ධුරයෙන් ඉවත්ව යන ඩේවිඩ් කැමරන් පවසනවා.
ඩවුනින්ග් වීදියේ, අංක 10 නිවසට සමුදෙමින් තම බිරිඳ හා දරු තිදෙනා සමග ඉවත්ව යමින් අගමැති කැමරන් ඊයේ (13) මෙසේ පවසා සිටියා.
එමෙන්ම, තමන් බලයට පත්වන කාලසීමාවට වඩා අද වනවිට බ්‍රිතාන්‍ය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් බවද අගමැතිවරයා කියාසිටියා.
ඒ අනුව, බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවන ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරදීමෙන් පසුව, නව අගමැතිවරිය ලෙස තේරේසා මේ නිල වශයෙන් හඳුන්වාදීමද පුළුවන්.
කෙසේ වෙතත්, ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරය දැරූ කාලය හා මේ නික්ම යෑම පිළිබඳව හැඟීම්බර කතාව සිදුකළ අවස්ථාවේදී වඩාත් ශෝකයට පත් තැනැත්තිය ඔහුගේ බාල දියණිය වූ පස් හැවිරිදි ෆ්ලෝරන්ස් බවට විවාදයක් නොතිබූ බවද විදෙස් මාධ්‍ය පවසා තිබුණා.













