FAST NEWS

24×7 Around the Globe

සනී ලියෝන්ට ඉන්දියාවේ කොණ්ඩම් බ්‍රෑන්ඩ් එකක සන්නාම තානාපතිකම.

සරාගී නිලියක් වන සනී ලියෝන් ඉන්දියාවේ කොණ්ඩම් බ්‍රෑන්ඩ් එකක සන්නාම තානාපතිනි ලෙස තෝරා ගෙන තිබෙනවා.

එය එළි දැක්වීමේ උත්සවයකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටත් සනී පිලිතුරු දුන්නා.

මෙවැනි දෙයක සන්නාම තානාපතිනි ලෙස එක්වීමට ඇය තීරණය කළේ ඇයි දැයි එක් මාධ්‍යවේදීයකු විසින් ප්‍රශ්ණ කරා.

එහිදි ඇය කියාසිටියේ කොණ්ඩම් භාවිතය ආරක්ෂිත ලිංගික උපාංගයක් බව තමන් විශ්වාස කරන නිසා මේ සඳහා දායක වන බවයි.

ඒවා භාවිතය මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ආරක්ෂා වීමටත්, ලිංගික ලෙඩරෝග වලින් ආරක්ෂාවීමට හැකි බවත්ය.
එසේම ලිංගික ජීවිතයක් ගත කරන විවාහයටද මෙය ඉතා වැදගත් බවයි.