FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීකට් තිසර පෙරේරාව කොදෙව් දුපත් වලින් එංගලන්තයට යවයි.

එංගලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසයි.

තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගොස්ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි සිටය.

ඔහු මේ දිනවලදී බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී පැවැත්වෙන කැරිබියන් 20 – 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටි අතර මේ අතරතුර  ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කැඳවුම් මත තිසර පෙරේරා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

තිසර පෙරේරාගේ දක්ෂතා යලි ඉස්මතු කරගැනීමේ අරමුණින් ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.