ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සීයා කෙනෙක් වී ඇතැයි වාර්තා වේ.
ඒ ෆොන්සේකා මහතාගේ වැඩිමහල් දියණිය වන අප්සරා ද ෆොන්සේකා මහත්මිය පුතෙකු බිහිකිරීම නිසාය.
අප්සරා විවාහ වී සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි Earnest & Young විගණන ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ඉෂ්වින් (Ishvian)ද සේරම් සමඟය.
එය අප්සරා මහත්මියගේ දෙවැනි විවාහයයි.
ඔවුහු මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටිති.
ඇය පළමුවරට 2007 වසරේදී ධනුන තිලකරත්න සමඟ විවාහවී සිටියාය.










