FAST NEWS

24×7 Around the Globe

මුරලි,තිලාන් ඔස්‌ට්‍රේලියාවට උපදේශකත්වය දීම ගැන මැතිව්ස්‌ අදහස් දක්වයි.

වසර පහකට පසු ශ්‍රී ලංකාවට පැමිණි ඔස්‌ට්‍රේලියා කණ්‌ඩායම ඉතාමත් හොඳින් සන්නද්ධව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.

දෙරට අතර ටෙස්‌ට්‌ තරග 3 කින් සමන්විත තරගාවලිය මුරලි – වෝන් කුසලාන ලෙස නම් කර තිබෙන අතර එහිදී මුත්තයියා මුරලිදරන් ඔස්‌ට්‍රේ‍ලියානු කණ්‌ඩායමේ දඟ පන්දු උපදේශකවරයකු වශයෙන් පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ පැවැසීය.

“මුරලි කරන්නේ පුහුණුකරු රස්‌සාවක්‌. තිලාන් සමරවීරත් එහෙමයි. ඒ දේවල් අපට පාලනය කරන්න බැහැ. ඔවුන් විශිෂ්ට ක්‍රීඩකයෝ. විදේශීය කණ්‌ඩායම් අපේ රටට එනවිට මේ තත්ත්වය ගැන අත්දැකීම් ලබාගන්න එවැනි දේවල් කරනවා. ඒනිසා අපි හොඳ සූදානමකින් තරගාවලියට සහභාගිවන්න බලාපොරොත්තු වෙනවා යෑයි පැවැසීය.

දෙරට අතර පළමු ටෙස්‌ට්‌ තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ලබන 26 දා ආරම්භ වේ.